කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයන්ගේ නඩු අංක පරීක්ෂා කර, ඔවුන්ගේ ගමන්මලු සහ ශරීරය දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, අධිකරණය පිහිටි කිව් මාර්ගය (Kew Road) වෙත එහි පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් ඇතුළු වීමට අවසර ලබා දෙන බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.