රනිල් වික්‍රමසිංහ යන තනි පුද්ගලයාව රැකීමට මට කිසිම වුවමනාවක් නෑ – දයාසිරි ජයසේකර

‘පරණ හොරු’ සමග එකතු වී එක මේසයේ අසුන් ගත්තේ ඇයි දැයි සමහරුන් තමාගෙන් විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් තමන්ට එකතු වී වැඩ කිරීමට අවස්ථා පැමිණිය හැකි බවයි ඔහු එහිදී පවසා සිටියේ.

මිතුරන් හා සතුරන් ලෙස වෙන්වී එසේ එකතු නොවී සිටිය නොහැකි බවද, ඉතිහාසයේද එසේ සිදුවී ඇති බවද, විපක්ෂය එකතු වී සිටින බවට චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණ ද අතීතයේදී මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ යන පාර්ශ්ව සමග සන්ධානගත වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

දැන් ආණ්ඩුව ‘තක්කු මුක්කු’ වී නයි මුගටින් සියල්ලම එක කොටයක සිටින්නේ කෙසේදැයි කල්පනා කරන බවත්, රනිල් වික්‍රමසිංහ යන තනි පුද්ගලයාව රැකීමට තමාට කිසිදු වුවමනාවක් නොමැති බවත්, තමන් කථා කරන්නේ ආණ්ඩුව විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති කර තිබෙන අර්බුධය ගැන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් පවසා සිටියේ.