රනිල් අද අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිතයි – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රක්ෂිත බන්ධනාගාරගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට නොහැකි වනු ඇති බවත්, ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව නීති කෘත්‍යය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ හොත්, ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කළේ.

විජලන තත්ත්වයක් හේතුවෙන් පසුගියදා හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, අනතුරුව මතුවූ සංකූලතා හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ගැනිමට කටයුතු කර තිබුණා.