හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, අද (26) පස්වරුවේදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුණා.








