රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කැඳවීමට නියමිතව තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.
කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඊයේ (25) ලබාගෙන ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෑහීමකට පත්විය හැකි ප්‍රමාණාත්මක සුවයක් නොමැති බවට එහි අන්තර්ගත බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළා.
ඔහුව අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.