වසරේ මුල් මාස 7දී අප­න­යන ආදායම ඩොලර් බිලියන 10යි

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය කැපීපෙනෙන සාධ­නීය මට්ට­මක් සහ ස්ථාවර ප්‍රග­ති­යක් පෙන්නුම් කර­මින් ඩොලර් බිලි­යන 10කට ආසන්න අග­යක් ගෙන ඇති බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පෙන්වා දෙයි.

ඒ අනුව මුළු අප­න­යන ආදා­යම ඇම­රි­කානු ඩොලර් මිලි­යන 9992.53 කි. එය 2024 එම කාල­යට සාපේ­ක්ෂව 7.79%ක වර්ධ­න­යකි.

2025 ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ­යන්හි මුළු අප­න­යන ආදා­යම අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 1641.11කි. මෙය 2024 ජූලි මාස­යට සාපේ­ක්ෂව 12.68%ක වාර්ෂික වර්ධ­න­යකි. ශ්‍රී ලංකාවේ අප­න­යන අංශයේ ශක්තිය සහ වෙ‍ෙළ­ඳ­පොළ ප්‍රවේ­ශය පුළුල් කිරී­ම­ටත්, ගෝලීය තර­ග­කා­රි­ත්වය වැඩි­දි­යුණු කිරී­ම­ටත් ගත් උපා­ය­මා­ර්ගික උත්සා­හ­යන්ගේ ධනා­ත්මක බල­පෑම මෙයින් පිළි­බිඹු කරයි.

මෙම වර්ධ­නය ගෝලීය වෙළ­ඳා­මට ශ්‍රී ලංකාව වැඩි වශ­යෙන් ඒකා­බද්ධ වීමත්, වෙළ­ඳ­පොළ අවස්ථා විවි­ධාං­ගී­ක­ර­ණය කර­මින් අප­න­යන තර­ග­කා­රි­ත්වය ශක්ති­මත් කිරී­ම­ටත් දරන අඛණ්ඩ උත්සා­හයේ සාර්ථ­ක­ත්වය ඉස්මතු කරන බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ (EDB) සභා­පති මංගල විජේ­සිංහ මහතා සඳ­හන් කළේය.

ජූලි මාසයේ දී අප­න­යන ආදා­යම අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 1.6 ඉක්මවා ගොස් පළමු මාස හත තුළ අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 10 කට ආසන්න වී ඇති අතර 2025 ජූලි මාසයේ දී පම­ණක්, වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­ය­නය වාර්ෂි­කව 15.37% කින් වර්ධ­නය වී අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 1,304.0ක් දක්වා ළඟා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාව­කා­ලික දත්ත­ව­ලට අනුව, එම සංඛ්‍යා­වට මැණික් හා ස්වර්ණා­භ­රණ සහ ඛනිජ තෙල් නිෂ්පා­දන සඳහා වූ ඇස්ත­මේ­න්තු­ගත ආදා­යම ද ඇතු­ළත් වේ. 2025 ජන­වාරි සිට ජූලි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අප­න­ය­නය ඇම­රි­කානු ඩොලර් මිලි­යන 7, 799.82 කි. එය 2024 එම කාල­යට සාපේ­ක්ෂව 7.22%ක වැඩි­වී­මකි.

සේවා අප­න­ය­නය සමස්ත අප­න­යන වර්ධ­න­යට ප්‍රධාන ශක්ති­යක් වී ඇත. ජූලි මාසයේ දී සේවා අප­න­යන ආදා­යම අ‍ෙම­රි­කානු ‌ඩොලර් මිලි­යන 337.11කි. වසරේ මුල් මාස හත තුළ සේවා අප­න­ය­නය 9.86%කින් වර්ධ­නය වී ඇත. එය අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 2192.71කි. මෙම ප්‍රව­ණ­තාව ශ්‍රී ලංකාවේ දැනුම පද­නම් කර­ගත් ආර්ථි­කය වර්ධ­නය වීමේ වැද­ග­ත්කම පිළි­බිඹු කරයි.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ