ලංගම – පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහන අද සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික අංශයේ දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම – හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස් රථ සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි එම කොමිසමේ සභාපති ඉංජිනේරු, පී.ඒ. චන්ද්‍රපාල පැවසුවේ.

මෙම නව වැඩපිළිවෙළ බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.