මහජනතාවට අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයැදිනවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

තැපැල් වෘත්තිය සමිති විසින් දියත් කළ වැඩ වර්ජනය සාර්ථක කර ගැනීමට සහාය ලබාදුන් සියලුම කණ්ඩායම් වලට සිය ස්තුතිය පුද කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා‍.

පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තමන් තවදුරටත් ඉදිරියට කටයුතු කරන බවයි එහි සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් ක‍ළේ.

එමෙන්ම, මේ වැඩවර්ජනය තුළදී මහජනතාවට කිසියම් අපහසුතාවයක් සිදුවූවා නම්, ඒ අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළ කරන බවද, එයට සමාව අයැද සිටින බවද ඔහු පවසා සිටියා.

මේ වැඩවර්ජනයේ මූලික අරමුණ වූයේ මහජන ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව රැකගැනීම බවත්, එය මහජනතාවට කළ යුතු යුතුකමක් බවත්, ඒ යුතුකම ඉටුකිරීම තමන් විසින් සිදුකළ බවත් ඔහු සඳහන් කළා.

එහිදී කිසියම් අපහසුතාවයක් හෝ සිත් රිදීමක් සිදුවූවා නම්, ඒ සම්බන්ධයෙන් තම ක​ණගාටුව පළ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් පවසා සිටියේ.