හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද (25) දහවල් 1.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුව වර්තමානයේ ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙළට එරෙහිව, විපක්ෂය ලෙස පුළුල් ලෙස සන්ධානගත වී ඉදිරිපත් වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා සිටියේ.
ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙමින්, ගත හැකි උපරිම ක්‍රියාමාර්ග විපක්ෂය විසින් ගෙන යෑම සඳහාත්, ප්රජාන්ත්රවාදය රට තුළ නැවත ස්ථාපිත කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.