වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

ලැඟුම්හලක සිටි දෙදෙනකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.