රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවකදී ලබා දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිදභාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටීම ඇතුළු ගැටළු කිහිපයක් ඔවුන් ඉදිරිපත් කර තිබුණා.