අධිකරණ තීන්දුවකට එරෙහිව ගියොත්, ඒකටත් නීතිය ක්‍රියාත්මක වෙයි – ටිල්වින්

රටේ නීතිය කාටත් සාධාරණ විය යුතු බවත්, එහි ඉහළ, පහළ භේදයක් තිබිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

අධිකරණයෙන් තීරණයක් ගත් විටෙක, අධිකරණ තීන්දුවට කවුරුන් හෝ එරෙහි වෙනවා නම්, ඊට එරෙහිව කළු කොඩි එසවීම‍ට කථා කරනවා නම්, ඊට එරෙහිව පෙළපාලි යෑමට කතා කරනවා නම්, එය අධිකරණයට අපහාස කිරීමක් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

එම නිසා අධිකරණයට අපහාස කිරීමේ නීතියට අනුව නීතිමය කටයුතු කිරීමට නීති අංශ කටයුතු කරනු ඇති බවද ඔහු පවසා සිටියා.

කවුරුන් හෝ වැරැද්දක් කර ඇත්නම්, උසාවියට ඉදිරිපත් කළ පසු, උසාවියෙන් කරුණු සලකා බලා, ඇප ලබා දීමට හෝ බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන බවත්, එය ප්‍රශ්නයක් කරගත යුතු නැති බවත්, එය නීතියේ ස්වභාවය බවයි ටිල්වින් සිල්වා වැඩිදුර‍ටත් සඳහන් කර සිටියේ.