කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කර තිබෙනවා.
මෙම ඇප ඉල්ලීම අද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම පෙත්සම්වලට අදාළ නොතීසී තමන්ට ලැබී නොමැති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළ අතර, එම පෙත්සම් යළි සැප්තැම්බර් 23 වැනිදා කැඳවීමටයි නියම කර තිබෙන්නේ.