හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දුන් තීන්දුව අධිකරණ තීන්දුවක් බවත්, එය දේශපාලන තීන්දුවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.
ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය සැමට පොදු බවට ප්‍රකාශ කර තිබූ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
යමෙක් වරදක් කර ඇත්නම්, චෝදනාවක් ලබා ඇත්නම්, එයට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම පොලිසියේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බවත්, එය නිවැරදිව සිදුවෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් ඇත්තේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ සතුටක් මිස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ප්‍රාථමික සතුටක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.