රනිල් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර්ගේ කණස්සල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.

X සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, බැලූ බැල්මට පෙනෙන්නේ සුළු චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගන්නා බවයි.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ, පළිගැනීමේ දේශපාලනය අත්හැර, ජාතියට දශක ගණනාවක් සේවය කළ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ගෞරවය හා ගෞරවයෙන් සලකන්නැයි ශ්‍රී ලංකා රජයට ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයක් වන නිසා එයට සම්පූර්ණයෙන්ම ගරු කරන බවයි ඔහු සඳහන් කර තිබෙනවා.