හවායි හි කිලාවියා ගිනි කන්ද පුපුරයි – ලාවා විදියි

හවායි හි කිලවුයා ගිනි කන්ද ඉකුත් සිකුරාදා නැවත පුපුරා ගොස් ඇත.

එහි කඳු මුදුනේ ආවාට තට්ටුවේ කොටසක් හරහා අඩි 100ක උසකින් යුත් ලාවා තට්ටුවක් වාතයට විදින අයුරු දිස්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිලාවියා හි ලාවා පාෂාණ මෙහි දක්නට ලැබී ඇති අතර එය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් ලෙස සැලකේ.

පසුගිය සිකුරාදා කඳු මුදුනේ ආවාටයෙන් ලාවා ගිනි අඛණ්ඩව විසිරී යාමට පටන් ගෙන ඇති අතර පැය කිහිපයකට පසු ලාවා උතුරා ගිය බව සදහන් වේ. පසුව දහවල් කාලයේදී ලාවා විදීමට පටන් ගත් බව වාර්තාවේ.