වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) වැඩවර්ජනයක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුම් ලබා දීමට කටයුතු කර නොමැති බවත්, මේ හේතුවෙන් හෙට දින උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බවත් එහි සඳහන් වෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images news images news images