සති දෙකක් තුළ යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධ සාමකාමී විසඳුමක් නොලැබුණහොත් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර පසුගියදා ඇලෙස්කාවේදී රුසියානු – යුක්රේන යුද්ධය සඳහා සාමකාමී මාවතක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්විය.
සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සාකච්ඡාවන් හි අවසන් එකඟතාවයක් නොමැති වුවද සාකච්ඡා ඵලදායී ලෙස පැවැති බවයි.
එම සාකච්ඡාවෙන් පසුව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපතිවරයා සෙලෙන්ස්කි අතර හමුවක් ද සිදු විය.
එහිදී ද යුක්රේන – රුසියා යුද්ධය සඳහා සාමකාමී මාවතක් ගෙන ඒම පිළිබඳව දැඩි ලෙස සාකච්ඡා වී තිබුණි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලින් අතරවාරයේ දී පසුගිය දිනක යුක්රේනයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වෙත රුසියානු ප්‍රහාරයක් එල්ල වුණි.
මෙම ප්රහාරයන් පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සිය අදහස් දක්වමින් පවසා ඇත්තේ සිදුකළ ප්‍රහාරය තමන් දැඩිව හෙළා දකින බවයි.
මේ අනුව සාමය සඳහා මාවතකට රුසියාව පැමිණෙන්නේ නැතිනම් රුසියාවට සම්බාධක පනවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා (22) පවසා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ සිදු කිරීමට නියමිත දේ සම්බන්ධව තමන් තීරණයක් ගන්නා බවත් මේ අනුව එය දැවැන්ත සම්බාධක පැනවීමක් ද නොඑසේ නම් දැවැන්ත තීරු බදු හෝ මෙම දෙකමද යන්න තමන් තීරණය කරන බවත්ය.