මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

පෑලියගොඩ, දුටුගැමුණු හන්දිය අසල පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

පදිකමාරුවේ ගමන්ගත් කාන්තාවක් කාර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර චෙන්කලඩි ප්‍රදේශයේදී වෑන් රථයක් ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

එහිදී අයෙක් මියගොස් 9 දෙනෙක් තුවාල ලබා තිබෙන අතර එහි පිරිමි පුදගලයින් 5ක් සහ කාන්තාවන් 4 දෙනෙකුද වන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ දොඹවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරණයට පත්ව තිබෙනවා.