රටේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව, ප්රජාතන්ත්රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ආකාරයක් දක්නට ලැබෙන බවත්, ප්රජාතන්ත්රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් සිටින ආකාරයක් පෙනෙන්නට ඇති බවත් අද (24) විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
එවැනි අවස්ථාවක රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
දේශපාලනඥයකු රිමාන්ඩ් භාරයේ නොසිටියහොත් එම දේශපාලන චරිතය අංග සම්පූර්ණ නොවන බවත්, කෙසේ නමුත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එක්ව කළ හැකි උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.