තැපැල් වැඩවර්ජනය අවසන් වෙයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

අද (24) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

ඉදිරිපත් කළ මූලික කරුණු 19න් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීමට අමාත්‍යවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවත්, අනෙක් කරුණු දෙක වන ඇඟිලි සලකුණු හා අතිකාල දීමනා සම්බන්ධයෙන් වූ ඉල්ලීමට කිසිම වෙනසක් කිරීමට අමාත්‍යවරයා කැමැත්ත පළ නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.