තැපැල් වර්ජනය අද හත්වන දිනටත්

තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (24) හත්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන 9.00ට විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සාකච්ඡාවක් ලබා දී ඇති බවයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන සඳහන් කළේ.

එහිදී සිය ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.