බර වාහන රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු කළද, බොහෝ රියදුරන් ඒ පරීක්ෂණ වෙනුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී සිටිමින් පරීක්ෂණයට පැමිණෙන බවත්,, ඇතැම් පුද්ගලයන් වැරදි මූත්‍රා සාම්පල පවා ඉදිරිපත් කරන බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.
ඒ අනුව, මත්ද්‍රව්‍ය භාවිත කරන බර වාහන රියදුරන් හඳුනාගැනීමේ පරීක්ෂණ ලබන මාසයෙන් පසුව අත්හිටුවන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අරෝෂා විද්‍යාභූෂණ සඳහන් කර සිටියේ.
ඒ වෙනුවට, පොලිසිය හා එක්ව මෙම පරීක්ෂණය දීප ව්‍යාප්ත අන්දමින්, අහඹු ලෙස සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බවද ඇය ප්‍රකාශ කර සිටියා.
ප්‍රවාහන අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්කර ගනිමින්, අහඹු ලෙස මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, බර වාහන රියැදුරන් පරීක්ෂා කරන බවත්, ඒ අනුව හඳුනාගනු ලබන මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදින පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට නියමිත බවයි සභාපතිවරිය පවසා සිටියේ.