අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට නව විමර්ශන අංශයක් ආරම්භ කිරීමට නියමිතයි.
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මේ බව කියා සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින්.
පාර්ලිමෙන්තුවේ සම්මත කෙරුණු අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතට අනුවයි මෙම විමර්ශන අංශය ආරම්භ කෙරෙන්නේ.
මෙම නව විමර්ශන අංශය PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ඨාසය ලෙස නමකරන බවයි ඔහු පැවසුවේ.
ඒ අනූව පොලිස් දිනයට සමගාමීව එම ඒකකය ආරම්භ කිරීමට සූදානම බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.