විපක්ෂය නියෝජනය කරන සියලු කණ්ඩායම්, කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත රැස් වී තිබෙනවා.
ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටින බවයි සඳහන් වන්නේ.
මෙහිදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන සාකච්ඡා සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.