අද (22) දින රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට අගෝස්තු මාසයේ වැටුප් නොගෙවන බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කර සිටියේ.
සේවයට වාර්තා කළ පුද්ගලයන්ට පමණක් අගෝස්තු මාසයට අදාළ වැටුප ලැබෙනු ඇති බවද, වර්ජනය කරන පිරිසට මේ බව දැනුම් දී ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් තැපැල්පතිවරයා පවසා සිටියා.