ඊයේ (21) බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල දී වෙඩි තබා ඝාතනය කෙරුණු පුද්ගලයා හිටපු බන්ධනාගාර නිලධාරියකු බව පොලීසිය අනාවරණය කරනවා.
ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි, ලලිත් කුමාර කෝදාගොඩ යන අය බවට මේ වනවිට සිදු කළ පරීක්ෂණ අනුව හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
මිය ගිය තැනැත්තා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (21) සවස් කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබුණු අතර, ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබුණා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.