නව ආයෝජන කලාප 07 ක් මේ වසරේදී පිහිටුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් ද, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් ද පිහිටුවන බවයි එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ.
අක්කර 300 ක විශාලත්වයෙන් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇඟලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායනික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
මාන්කුලම් ආයෝජන කලාපය අක්කර 200 ක විශාලත්වයෙන් යුක්ත වන අතර, කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීම සඳහා එහි පහසුකම් සැලසෙනවා.
මඩලකපුව, එරාවුර් හි පිහිටුවන ආයෝජන කලාපයේ, ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවන බවත්, හම්බන්තොට ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිත බවයි සභාපති අර්ජුන හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.