ඒකාබද්ධ බස් කාලසටහන ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර

ලබන සඳුදා (25) මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස කොළඹ – පුත්තලම මාර්ගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කොළඹ, පුත්තලම, අනුරාධපුර, වව්නියාව සහ යාපනය යන ප්‍රධාන මාර්ග ආශ්‍රිතව මෙම ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම කොමිසමේ සභාපති, ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව, පුද්ගලික සහ රාජ්‍ය අංශයේ බස් රථ එකම කාලසටහනකට යොමු කර, 25 වැනිදා සිට නිශ්චිත කාලසටහනකට ධාවනය කරවීම මෙහි අරමුණ වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.