කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාව

තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙහි රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩපිළිවෙලක් සැකසෙයි.

ඊට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ලබා දුන්නේය.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළෙන් කාගෝ සඳහා ආරක්ෂාව ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට සකස් කෙරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සදහන් කරයි.