අමෙරිකාවේ දැනට පදිංචිව සිටීමට අවසර දී ඇති වලංගු වීසා ඇති විදේශිකයන් මිලියන 55 කට අධික පිරිසක් සමාලෝචනය කරන බව එරට වාර්තා පවසනවා.
ඒ ඔවුන්පිටුවහල් කිරීමට හේතු විය හැකි ඕනෑම නීතිරීති උල්ලංඝනයක් ඇත්නම් ඔවුන් වෙත දැනට ලැබී ඇති වලංගු වීසා බලපත්‍ර අහෝසි කිරීම අරමුණු කරගනිමින් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් අමෙරිකාවේ සිටින විදේශිකයන් පලවාහැරීමේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස මෙය ද ක්‍රියාත්මක බව ඇතැමුන් චෝදනා කරනවා.
අමෙරිකානු දෙපාර්තමේන්තුව පැවසුවේ බොහෝ රටවලින් පැමිණෙන සංචාරකයින් ඇතුළුව සියලුම එක්සත් ජනපද වීසා බලපත්‍රලාභීන් අඛණ්ඩ පරීක්ෂාවකට යටත් වන බවයි.
එවැනි ඕනෑම උල්ලංගනයක් කළ අයකු අමෙරිකාවට ඇතුළු වීමට හෝ රැඳී සිටීමේ අවසර ලබාගැනීමට නුසුදුසු අයකු ලෙස ගැනෙන එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එවැනි තොරතුරු සොයාගත හොත්, වීසා බලපත්‍රය අවලංගු කරනු ලබන අතර, වීසා බලපත්‍රලාභියා අමෙරිකාවේ සිටී නම්, ඔහු හෝ ඇය පිටුවහල් කිරීමට යටත් වෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට, අමෙරිකාවට නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයන් මෙන්ම ශිෂ්‍ය සහ ආගන්තුක හුවමාරු වීසා බලපත්‍ර දරන්නන් පිටුවහල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නව පියවරවලින් ඇඟවෙන්නේ, මෙම අඛණ්ඩ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය බෙහෙවින් පුළුල් වන අතර එහි සිටීමට අනුමත වූවන්ට පවා එම අවසරයන් හදිසියේම අවලංගු කිරීමට ඉඩ ඇති බවයි.
එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය වසරේ අමෙරිකානේ ග්‍රීන් කාඩ්පත් හිමියන් මිලියන 12.8 ක් සහ තාවකාලික වීසා මත සිටි පුද්ගලයින් මිලියන 3.6 ක් පදිංචිව සිටිනවා.
මේ අතර අමෙරිකාවේ වාණිජ ට්‍රක් රථ රියදුරන් සඳහා කම්කරු වීසා නිකුත් කිරීම නවත්වන බව රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ නිවේදනය කළා.
ඔහු කියා සිටියේ මෙම නව පියවර වහාම ක්‍රියාත්මක වන බවයි.
‘එක්සත් ජනපද මාර්ගවල විශාල ට්‍රැක්ටර් -ට්‍රේලර් රථ ධාවනය කරන විදේශීය රියදුරන්ගේ වැඩිවන සංඛ්‍යාව ඇමරිකානු ජීවිත අනතුරේ හෙළන අතර ඇමරිකානු ට්‍රක් රථ හිමියන්ගේ රැකියා අඩු කරනවා’ රුබියෝ පැවසුවා.