වී අලෙවි මණ්ඩලයට අයත් මොනරාගල,හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්රික්කවල වී ගබඩා වලට මේ වනවිට වී කිලෝ දහතුන් ලක්ෂ දහනව දහස් තුන්සිය දහඅටක් ලැබී ඇතැයි දකුණු පළාත භාර ප්රාදේශීය කළමනාකරු ඩී.ඉන්දික උපේන්ද්ර මහතා පැවසීය.
ඒ සඳහා වී සැපයූ ගොවීන් හාරසිය හැටඅට දෙනෙකු සඳහා රුපියල් පහළොස් කෝටි අසූතුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හතළිස් පහක් ගෙවා ඇත.
- මොනරාගල දිස්ත්රික්කයේ හුලංදාව ගබඩාවට වී කිලෝ තිස් හතර දහස් හත්සිය අටක්ද,
- මුතුකණ්ඩිය ගබඩාවට වී කිලෝ තුන්ලක්ෂ හැත්තෑ පන්දහස් හත්සිය හැත්තෑ දෙකක්ද,
- අලුත් වැව ගබඩාව සඳහා වී කිලෝ දෙලක්ෂ පනස් පන්දහස් හත්සිය දාහතරක්ද,
- වැල්ලවාය ගබඩාව සඳහා වී කිලෝ විසිනව දහස් දෙසියය පනස් එකක්ද
එලෙස වී ලබාදුන් ගොවීන් දෙසියය විසිදෙකක් සඳහා අට කෝටි තිස් හතර ලක්ෂ අනූතුන් දහස් අටසිය අසූ පහක් ගෙවා ඇත.
හම්බන්තොට දිස්ත්රික්කයෙන් වී කිලෝ හාර ලක්ෂ පනස් හත්දහස් තිස් දෙකක්ද එලෙස වී ලබාදුන් ගොවීන් එකසිය හැටනව දෙනෙකු සඳහා රුපියල් පන් කෝටි හතළිස් අට ලක්ෂ හතළිස් තුන්දහස් අටසිය හතළිහක්ද,රත්නපුර දිස්ත්රික්කයේ වී ගබඩා වලට වී කිලෝ දහසය ලක්ෂ හැට හය දහස් අටසිය හතළිස් එකක් සඳහා ගොවීන් හත්තෑ හත් දෙනෙකුට රුපියල් දෙකෝටි විසි දහස් නවසිය විස්සක් ගෙවා ඇති බැව් ඒ මහත්හ වැඩි දුරටත් පැවසීය.