ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසා ඇත්නම් එම පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබදව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ලිපියක් මගින් අද දින ඉල්ලා තිබෙනවා.
කථානායකවරයාට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා යවනලද ලිපිය පහත සඳහන් වේ.
ගරු කතානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
පුළුල් ඒකාබද්ධ මුදල් සැපයීම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීම.
මුදල් අච්චු ගැසීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ නිවේදනයට පසුගිය අඟහරුවාදා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදි ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීමක් සිදුකර නැති බවත් එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවතින බවත් එතුමා පැවසීය.
මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර පැවති ගැටුම 2022 ආර්ථික අර්බුදයට මූලික හේතුවක් වියදම් මහ බැංකුව විසින් අත්තනෝමතික ලෙස මුදල් අච්චු ගැසීම හා එය පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයින් විසින් ආරක්ෂා කිරීම තුළ බංකොලොත්භාවයට පත්වන තුරුම කිසිවෙකුට ඒ ගැන හැඟීමක් හෝ නොවීය ත් මහ බැංකුව කටයුතු කරමින් ඇත්තේ ඒ ආකාරයෙන් බව නියෝජ්‍ය මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
ලංකා බැංකුව උද්ධමනය ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 1427.9(රුපියල් ට්‍රිලියන 1.4) කින් මුදල් සැපයම ප්‍රසාරණය කර ඇති නමුත් මුදල් ප්‍රතිපත්ති විවරණයේදී පූර්වකථනය කළ ඉලක්ක කරා ම තවමත් ළඟාවී නැත.
ස්ථාවර නියෝග අංක 121 යටතේ ස්ථාපනය කර ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව වෙතත් පාර්ලිමේන්තුවටත් මෙම කරුණු වාර්තා කිරීම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වගකීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ වන එම වගකීම මේ දක්වා ඉටු කර නැත.
මුදල් අමාත්‍යාංශයේ හෝ ආණ්ඩුවේ ඉල්ලීමකින් තොරව ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කළ පරිදි මහා බැංකුව විසින් මුදල් අච්චු ගසා ඇති නම් එය අපරාධමය වරදකි.නව 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනතේ අපේක්ෂා ඉක්මවා යාමකි.
පුළුල් මුදල් සැපයීම මුදල් අච්චු ගැසීම හා මුදල් ප්‍රතිපත්ති විවරණයේදී පූර්වකථනය කළ ඉලක්ක වෙත ළඟාවීමට අසමත් වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හැකි ඉක්මනින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙයට
විශ්වාසී
දයාසිරි ජයසේකර
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි