පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් හට කථානායකවරයා දැනුම් දී තිබෙනවා.
එහිදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව, විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.