මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගන අතර අද (21) පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පීලි පැනීමෙන් අනතුරට පත් දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.