ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගැන පැමිණිලි කරන්න වට්සැප් අංකයක්

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව විසින් මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජුලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදී සිදු වී ඇති වංචා, දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පැමිණිලි, අදහස් හා යෝජනා ලබා දීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්, 2025 සැප්තැම්බර් 05 දිනට පෙර [email protected] යන Email ලිපිනයට හෝ 070-3307700 යන Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටිනවා.