රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ, ”‍සෙයිරි සතිය”‍ නමින් මෙම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඒ අනුව ලබන මස පළමු වනදා සිට 4 වනදා දක්වා මෙය ක්‍රියාත්මකයි.

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදුකිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වනවා.

ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇති අතර එය සියලු‍ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.