බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වර්ජනයක

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් අද (21) සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කර සිටියා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම හා ඖෂධ බෙදා හැරීම ඇතුළු සේවාවන් වලට බලපෑම් එල්ල විය හැකි බවද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කර සිටියා.