ප්‍රදේශ දෙකකදී තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.
තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ නාඋල, බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටි අයෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති අතර, ඔහු වනමැදගම, බිබිල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් වන බවයි සඳහන් වන්නේ.
එසේම, අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.