තැපැල් වැඩ වර්ජනය හතරවන දිනයටත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (21) හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (20) දිනය වන විට රුපියල් කෝටි 10ක පාඩුවක් සිදුවී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවත්, වැඩ වර්ජනය අවසන් කිරීමට නම් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසත්, එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ.ජී.සී. නිරෝෂන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.