ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි සඳහන් වන්නේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සහ නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම යන අය විසින් මෙම පෙත්සම් 03 ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ද මීට පෙර පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.