හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින්, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.