සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතන ලෙස අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කිරීමටද අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර, විදේශීය නිවාඩු ලබා ගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබා දී තිබෙන ප්‍රතිපාදනයන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙනවා.
විදේශීය නිවාඩු ඉල්ලුම් කර, ඊට අදාළ පුහුණුවීම් හා වීසා බලපත්‍ර ආදිය ද ලබාගෙන ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයන් සහ නිලධාරීන් මෙම නව චක්‍රලේඛය මගින් දැඩි අපහසුතාවට පත්වනු ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.