විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක, විදේශීය දුම්වැටි 25,000ක් අඩංගු දුම්වැටි කාටූන් 125කින් පුරවා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් වන බව වැඩිදුරටත් සඳහන්.