මුත්තියන්කට්ටු වැවේ ගිලී තරුණයෙකු මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් 04දෙනා යළි රිමාන්ඩ්

මුලතිව් – මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලු‍න් හතරදෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මොවුන් මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත් එස්.එච්. මාරූස් හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබලු‍න් පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඉන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් විසින් හදුනාගෙන තිබුණා.

පසුගිය 09 වනදා අබිලි යකඩ එකතු කිරීම සඳහා මුලතිව්, මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරට පැමිණි තරුණයකු යුද හමුදාව දැක පලායාමේදී මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගොස් සිටි අතර ඔහුගේ සිරුර පොලිසිය විසින් පසුව සොයාගනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් යුද හමුදා සැරයන්වරයකු ඇතුළු සෙබලු‍න් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.