තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින්, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්රය අද (20) කොටුව මහේස්ත්රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.