පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) රැස්වීමට නියමිතයි.

ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ. ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2440/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.