ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්ර ලක් ලුණු මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අයඩින් මිශ්ර ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20 කින් ද, කිලෝග්රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30 කින් ද පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 කට ද, කිලෝග්රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 කට ද, කිලෝග්රෑම් 01 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150 කට ද ලබන සතියේ සිට අලෙවි කරන බවයි ලංකා ලුණු සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.