රටේ ජනතාව ඉන්නේ සන්තෝසයෙන් නෙවෙයි – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් දේශපාලන තත්ත්වය කණගාටුදායක බවත්, රටේ ජනතාව සිටින්නේ සතුටින් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව, එම ගැටලුව විසඳිය යුත්තේ ජනතාව විසින් බවද, ඔවුන් හොඳ පිළිතුරක් ලබාදෙනු ඇති බවද අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද නීතියෙන් අඩු කරනවා නම්, එය සිදු කෙරෙනු ඇති බවත්, එයට කරන්න‍ට දෙයක් නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංගයක් ගැන විවාදයක් සිදුවන විට, ඒ සම්බන්ධයෙන් ජනතාවට කරුණු අවබෝධ කර ගැනීමට හැකිවන බවද, නමුත් පිරිස අඩු නිසා එය ජයග්‍රහණය කළ නොහැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කරනවා.