තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වෙයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (20) දිනයේත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැඩ වර්ජනය අවසන් කිරීමට නම් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසත්, එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ.ජී.සී. නිරෝෂන සඳහන් කරනවා.